මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණවලට එළඹ නොමැති බවයි.
පසුගිය දිනවලදී මෙයට අදාළ අභිලාෂ කැදවීම් කළ බවත්, එහිදී මෙරටට වාසි සහගත ලංසුව ඉදිරිපත් කර තිබූ මෙම සමාගම සමග ඉදිරි කටයුතු සිදු කිරීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
එම මෙහෙයුම් පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්, ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා කීවේය.