මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවයි.
විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇමතිවරයා මෙහිදී සඳහන් කළේ ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.