saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3966 hours ago

LATEST

ඉන්ධන මිල අඩුකළත් සංස්ථාවට සුළු ලාභයක්

calendar_today 2023 මාර් 30 - 10:27 remove_red_eye - 1055  

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රු. 1.63ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රු 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රු 0.04 සුපර් ඩීසල් ලීටරයකින් රු 2.26 හා භූමිතෙල් ලීටරයකින් රු 2.26ක ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ දත්ත සටහනක දැක්වෙයි.

රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මිදිගම පොලිස් වසමේ ගුරු බැබිල ප්‍ර දේශයේදී අවන්හල් හිමියෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. වැගන් ආර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම ඊයේ සවස්කාලයේදි සිදුකර තිබේ.

Read More

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

BOAO ආසියා සංසදය සංසදයේ වාර්ෂික සමුළුව මාර්තු 28 සිට 31 දා දක්වා චීනයේ හයිනාන් ප්‍රාන්තයේ BOAO හි පැවැත්වේ.

Read More

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ද සිටින බව තහවුරු වී තිබේ.

Read More

අද පෙරවරු 6 සිට සවස 4 දක්වා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් පෙට්‍රල් හා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6600 ධාරිතාවයෙන් යුත් බවුසර් 1086කට ඉන්ධන සපයා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට (30) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා ජනප්‍රිය නොවන පියවර ගැනීමට සිදු වන බවත්, වනසතුන්ගෙන් සිදුවන් වගා හානි වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳ ඝෘජු අවසන් නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විද්වත් ප්‍රජාව වෙතින් ඉල්ලිමක් කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින වෘත්තීය සමිති හතරක නායකයන් වෙත සංස්ථාව මගින් ලබාදී තිබූ වාහන හතරක් යළි පවරා ගැනීමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ඒ අනුව එම වාහන ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ. එසේම පෞද්ගලික මට්ටමින් මෙරටට ඩොලර් ගෙන එන වෙනත් පුද්ගලයින්ටද විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බවද ඔහු පැවසීය.

Read More

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන බවත් උත්සව සමයට අවශ්‍යතරම් ඉන්ධන තොග පවත්වාගෙන යන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය අදින් (29) අවසන් විමට නියමිතය.

Read More

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි

Read More

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත.

Read More

ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද අඩු කිරීමට සම්ස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.

Read More

අනුරාධපුර නගරයේ රාජ්‍ය ආයතන දෙකක සහ බැංකුවක දොරගුළුවල යතුරු ආරක්ෂාව සඳහා අනුරාධපුර පොලිසියේ තබා තිබියදී අතුරුදහන් වීම හේතුවෙන් එම ආයතනවල සේවකයින් සහ සේවාවන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් අද (29දා) පැය දෙකකට ආසන්න කාලයක් දුෂ්කරතාවට පත් වූහ.

Read More

ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව බස් ගාස්තුද අඩු කිරිමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරීමට නියමිතය.

Read More

හෝමාගම පාසලක අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ පන්තිභාර ගුරුවරියක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩුකළ මිලටම ලංකා ඉන්දීය තෙල් සමාගමද අද මධ්‍යම රාත්‍රි යේ සිට ඉන්ධන මිල අඩු කරනු ඇත.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වර්ජනය මෙහෙයවන මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු 20ට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයකි රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින් , ලංකා ඔටෝට ඩීසල් ලීටරයක් රුපියල්රු 80 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමන බව ඔහු කීවේය.

Read More

උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද පැන වෙන්නේ ශ්‍රම බලකායෙන් අතිශය කුඩා කොටසක් මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ප්‍රකාශ කර සිටී. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සඳහන් කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රකාශය ඉහළ පෙළේ තීරණ ගන්නවුන් සහ මාධ්ය විසින් උපුටා දක්වන ලද අතර ඒ සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබේ.

Read More

ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළයාමත් සමග නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රු 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.

Read More

අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ගතවූ පැය තුනක කාලය තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන නිකුත් කිරීමේ මධ්‍යස්ථාන තුළින් ඉන්ධන බවුසර් 208ක් නිකුත් කිරිමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටී පුද්ගලයකු අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක් සමග අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පුත්තලම ප්‍ර දේශයේ පවතින රක්ෂණ ආයතනක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන එම ආයතනයේම සාමාන්‍ය කළමණාකරුවෙක් හා තවත් සේවකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.