ගිනි අවියක් හා උණ්ඩ සමග තුර්කිය වෙත යන්න ගිය ගමන වරදියි
ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් 12/07 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 59 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර 12/07 දින අලුයම 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන ( Scan ) යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබේ .
මොහු 12/07 දින උදෑසන 08.15 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා එදින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගිනි අවි හෝ ඊට සමාන හැඩහුරුකම් ඇති දෑ හෝ ගිනි අවි වල අනුරූ ගුවන් මගින් ගෙන යාම සපුරා තහනම් වන අතර , එසේ විශේෂ අවශ්‍යතා සදහා රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතුය .
මෙසේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
මෙම ගිනි අවිය නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ පුද්ගලයා , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
