සිවිල් ආරක්ෂක නිලධාරීන්ට කැමති නම් වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත්වීමට වැඩපිළිවෙලක් ළඟදීම හඳුන්වා දෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
එසේ ඉවත් වීමේදී දෙන වන්දි මුදල තවමත් තීරණය කර නැති බවත් සේවා කාලය සැලකිල්ලට ගෙන එම වන්දි මුදල තීරණය කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සිවිල් ආරක්ෂක බලකායේ තිස් හතර දහසක් පමණ සිටින බවත් රටේ අවශ්‍යතාව අනුව ඔවුන්ගෙන් සේවයක් ලබා ගැනීම සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.