saravita-anim2

2025 නොවැම්බර් මස 03 වන සඳුදා

2025 නොවැම්බර් මස 03 වන සඳුදා

Latest News - timelapse 288 hours ago

LATEST

සංසරණය සඳහා රු 2000ක සමරු මුදල් නෝට්ටුවක්

calendar_today 2025 අගෝ 29 - 15:18 remove_red_eye - 921  

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු 9/10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

Read More

1946-47 අළු බඳුන තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 286,700 / රුපියල් ලක්ෂ 860කට) මිලදී ගෙන ඇත.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනිස් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ වෙත සැකකරු පිලිබද නිසි කරුණු ඉදිරිපත් නොකරමින් සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් හැටන් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින්ට එරෙහිව විමර්ශණයක් ආරම්භ කරන බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය.

Read More

කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

Read More

කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළාය.

Read More

තුන්පත් රෑනක වන අලි රංචුවක් සමගින් සද්දන්ත තනි අලියකු ද දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ මාතලේ යටවත්ත ප්‍රාදේශයේ ගම්මුල්ල,දිවිල්ල ආදි ප්‍රදේශවලට මේ දිනවල සැරිසාරිම නිසා බෝග වගාවන් විනාශයට පත් කරන බවත් ජන ජිවිතයටද බලපැම් එල්ල වි ඇති බව ගම්වාසිහු කියයි.

Read More

මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කල බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමග පුත්තලම කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු 28 දින අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.

Read More

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී 2025.08.21 වන දිනපුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබිණි.

Read More

උදෑසන පාසල් සහ කාර්යාල වේලාවේ බර වාහන ධාවනය සීමා කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවද වාර්තාවේ.

Read More

ඇතැම් ප්‍රදේශවල දේශීය ආර්තාපල් කිලෝවක ගැනුම් මිල රු.200දක්වා පහත වැටීම හා මිලදී ගන්නා ප්‍රමාණය සීමා කිරීම නිසා අර්තාපල් ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා ‘අද’ පුවත්පත අදින් පසුව මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් නොවන බව දැනුම් දෙමු. මින් ඉදිරියට ‘අද’ පුවත්පතේ පළ වූ පුවත් සහ විශේෂාංග www.ada.lk වෙබ්අඩවිය ඔස්සේ පාඨක ඔබට සමීප වනු ඇත. අද පුවත්පත සමග මෙතෙක් කාලයක් රැඳී සිටි පාඨක ඔබට අපගේ කෘතඥතාව පළ කරමු.

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට අද (28) දැනුම් දුන්නේය.

Read More

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50ක් පමණ තුවාල ලබා ඇත.

Read More

මේ දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තාල වර්ගයට අයත් Ivory Cane Palm / Ivory Palm යන විසිතුරු ශාකය නුදුරේදීම තෙත් කළාපීය සහ කදුකර වනාන්තර ආක්‍රමණය කිරීමේ දැඩි අවධානමක් නිරීෂක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Read More

හොරොව්පොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද (28) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් සහ රිය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රියෙ ගමන් ගත් කාර්මික නිළධාරියකු අද (28) පස්වරුවේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසල දී දුම්රියේන් ඇද වැටී එම දුම්රියටම යටවීමෙන් මිය ගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

Read More

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනූනායක හිමියන් වශයෙන් ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් එහි කාරක මහා සංඝ සභාව විසින් නිතරඟයෙන් පත්කර ගන්නා ලදී.

Read More

ජල මූලාශ්‍රවල තිරසර බව රැක ගනිමින් සංවර්ධන කාර්යයන් සිදුකිරීම පහසු කිරීම සඳහා වාංරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමා සලකුණු කිරීම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස හා රිදියගම යන වැව්වල සීමා සලකුණු කිරීමට තීරණය කර තිබේ.

Read More

’’ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කිසි කෙනෙකුගේ විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතුයි.අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ දේශපාලඥයෝ නඩත්තු කරන්නේ. ඇයි ඒ නඩත්තු කරන්නේ, මොකක්ද අවශ්‍යතාව. එහෙම නම් මැරුණාම කරවල කරලා දුමේ දාලා තියා ගන්නත් ඕන’’ යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

Read More

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි සමූහ මිනී වළක් පරික්ෂා කිරීමෙන් පසු අගෝස්තු මස 26 වෙනිදා එම මිනී වළේ තිබේ පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයා ගෙන ඇතැයි මෝදර පොලිසිය පවසයි.

Read More

ඉදිරියේදී වැඩ අවසන් කිරීමට නියමිත කෙරවලපිටිය සහස්දනවි ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරයට අදාළව අනුමතිය ලබාගත් කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත මිල ගණන් වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමේ අවශ්‍යතාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දෙන ලදී.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 අගෝස්තු මස 27 වැනි දින කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කිසිදු වැඩ වර්ජනයක් සිදු නොවූ බව ලංගම සේවක පිරිසක් සඳහන් කළහ.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇඹිලිපිටිය සහ ගොඩකවෙල ඩිපෝ තුනට ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගත හැකි ආදායමක් මාසිකව නොලබන බව අනාවරණය වෙයි.

Read More

ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

සබරගමු පළාතේ රාජ්‍ය ආයතනවල අතිරික්තව සිටින දහසකට ආසන්න සංවර්ධන නිලධාරීන් වහාම ඵලදායී රාජ්‍ය සේවය සඳහා අනුයුක්ත කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා චජනකි රාජරත්න මහත්මිය 27දා නියෝග කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.