ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කුලියාපිටියේදී අද (27දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreගලේවෙල දේවහුව ප්‍රදේශයේ මීට වසර හයකට ඉහතදී අඹු සැමි යුවලක් නිවස තුළින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පලි ගැනීමක් වෙනුවෙන් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට සිරුර පුළුස්සා වල දැමූ කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ සේවය කරන තරුණයෙකු 26 දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ගලේවෙල මකුළුගස් වැව පොලිසිය කියයි.
Read More2025 වසරේ පළමු කාර්තුවෙහි (ජනවාරි පළමු වැනිදා සිට මාර්තු තිහ දක්වා) ඉහළම විරැකියා අනුපාතය වාර්තා වනුයේ අ. පො. ස( උසස් පෙළ) සහ ඊට ඉහළ කාණ්ඩය බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණයවේ.
Read Moreඅධිවේගී මාර්ගවල ධාවනය බස්රවල මගීන්ට , ලබන මස 01 වන දින සිට ආසන බඳපටි පැලඳීම අනිවාර්ය කලත් මේ වන විට ආසන පටි හිගයක් රට තුල පවතින නිසා නීතිය ක්‍රියාත්මක කිරිම යම් කාලයක කල් දැමිය යුතු බව බස් හිමියන් හා පාසල් ළමුන් ප්‍රවාහන රථ හිමියන් සදහන් කරති
Read Moreග්‍රාම නිළධාරි කාර්යාලයට අවශ්‍ය අල්මාරියක් මිලදි ගැනීම සදහා ප්‍රදේශයේ පුද්ගලයකුගෙන්, රුපියල් 23500ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන, ග්‍රාම නිළධාරිණියක් අද ( 26) පස්වරුවේ අල්ලස් හා දුෂණ විමර්ශණ කාර්යංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි.
Read Moreඑදා සෙවනගල සීනි කර්මාන්තායතනය ණය සහ විවිධ සේවාවන් වෙනුවෙන් කෝටි 800 මුදලක් විවිධ ආයතන වලට ගෙවීමට තිබියදී එම ගෙවිය යුතු මුදල් සඟවා ලාභ පෙන්නුවා ඒ නිසයි එදා ආයතනය ලාභ ලැබුවේ - මොනරාගල දිස්ත්‍රික් පා.ම වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා -
Read Moreරජය විසින් වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන අතර තෙත වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ දැනට සම්මත වී තිබෙන පනත අනුව ගන්න ප‍්‍රතිපාදන නැති බවත් එම 1971/14 දරන පනත ඉදිරියේදී සංශෝධනය කිරිමට කටයුතු කරන බවත් දැනට රජයේ ගබඩාවල වී මෙ. ටො. 26000 කට අධික ප‍්‍රමාණයක් තිබෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (26දා) කුරුණෑගලදී පැවසීය. රජය විසින් වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන අතර තෙත වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ දැනට සම්මත වී තිබෙන පනත අන
Read Moreරියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreඇමරිකාවේ ගුවන් සේවා දැවැන්තයෙකු වන බෝයිං සමාගමෙන් කොරියානු එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් මිලදී ගැනීම සඳහා සමාගම් දෙක ගිවිසුමකට එක්ව තිබේ.මෙම ගිවිසුමේ වටිනායක ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් වෙයි.
Read Moreනොරෝච්චෝල පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයෙ පුද්ගලයකු නයෙකු දෂ්ඨ කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය 26 දින පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 40 හැවිරිදි මාම්පුරිය නාවක්කාඩු පදිංචි ජෙයනේෂන් ජෙරෝන් ෂෙල්ටන් නැමති එක් දරු පියකු බව කියයි.
Read Moreමෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නොමැති බවත් ජාතික ආරක්ෂාව වත්මන් රජය තහවුරු කර ඇති බව වගකීමේන් පවසන බවත් ජාතික ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැවැසීය.
Read Moreරජයේ මුදල් රුපියල් ලක්ෂ 166 අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More’’මම රනිල් වික්‍රමසිංහ බලන්න ගියානම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි.අගමැති හැටියට මට ඕන,ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා’’ යැයි අගමැතිනි හරිනි අමරසුරිය මෙනවිය ඌව පළාත් සභාවේදි 26 දින පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ අද(26දා) නඩුවට පෙනී සිට තිබේ.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දී තිබේ.
Read Moreමෙරට අපනයන ආදායම් ඉතිහාසයේ නව සංධිෂ්ඨානයක් ලකුණු කරමින් මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read More2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read Moreබටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Read Moreදේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම ’’දූෂණය’’ නමැති වරද සිදුකළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreමහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවතින නඩුව ලබන ජනවාරි මස 06 දා තෙක් කල් දැමීමට අධිකරණය අද නියෝග කළේය.
Read Moreඑකසත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකොරල මහත්මිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් පිරිසක් අද (26දා) අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුව තිබේ.
Read Moreබොරලැස්ගමුව පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරින් සමත්ව තිබේ.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ (ICU) තබා ඇති බැවින් අද(26දා) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස සීවලි අරුක්ගොඩ මහතාව අද (26දා) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.
Read Moreමාතර වෙරළ පාර ප්‍ර දේශයේදි කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreලබන මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර, මෙම ක‍්‍රියාමාර්ගයන්ට අදාළව රියදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම ඊයේ(25දා) සිදුවිය.
Read More-ඩුබායිහි සැඟව සිටින අපරාධකරුවන් පිරිසක් විසින් සැලසුම් කර ඇතිබවට බුද්ධි තොරතුරු ලැබිලා - අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ජීවිත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්
Read Moreඑංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය”
Read More