විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (9දා) එක් දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹි බව එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය, සුදුසු ආචාර්යවරු නොමැති වීම මේ වනවිට බරපතළ ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම, 2025 වසරේ උසස් පෙළට පෙනී සිටි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත බඳවාගත නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවී තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.