දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ලංකාවේ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝව කඩවතදී දී අද දින සේවා ආරම්භ කිරීමට නියමිතය. මෙරට පළමු මෙට්‍රෝ බස් ඩිපෝව තලංගමදී පසුගියදා සේවා ආරම්භ කරනු ලැබිය.
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කරමින් පොදු මහජනතාවට ගුණාත්මක, ආරක්ෂිත ප්‍රවාහන සේවයක් ලබා දීමට ආරම්භ කර ඇති මෙට්‍රෝ බස් සේවාවට පහසුකම්, නඩත්තු සහ මෙහෙයුම් ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා මෙම ඩිපෝ අංගන ඉදිකිරීමේ අපේක්ෂාවයි.
කොළඹ හා තදාසන්න ප්‍ර දේශ ඉලක්ක කර ගනිමින්, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති මෙට්‍රෝ බස් සේවාවේ මෙහෙයුම් හා නඩත්තුකරණයට පළමු අධියරේ ඉදිකිරීම් ලෙස නව බස් ඩිපෝ 4ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
සෙසු ඩිපෝ මධ්‍යස්ථා ඒකල හා රත්මලාන යන ප්‍ර දේශ කේන්ද්‍රගතව මේ මාසයේදීම සේවාවන් ආරම්භ කිරීමට නියමිතය. කොලඹ සහ ගම්පහ සම්බන්ධ කරමින් බස් රථ දහයකින් මෙට්‍රෝ බස් සේවාව මාර්ග දෙකක මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරිණි.
එම මාර්ග දෙකට අමතරව තවත් නව මෙට්‍රෝ මාර්ග පහක් එක්කර ඇති අතර මේ මාසයේ සිට මාර්ග හතක ධාවන කටයුතු ක්‍රියාත්මක කිරීමට මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම සමාගම කටයුතු කරමින් සිටී.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම වෙත 2026 වසරේදී රුපියල්මිලියන 800ක සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක හිමිකම් ප්රාග්ධිනයක් වෙන්කර ඇත.
ඩිපෝ අංගන වලට අමතරව අංග සම්පූර්ණ මධ්‍යම වැඩපොලක් ඒකල ප්‍ර දේශයේදි ආරම්භ කිරීමට නියමිතය. මේ මාසයේ තවත් බස් රථ 112ක් මෙට්‍රෝ සේවාවට එක් කිරීමට සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

