saravita-anim2

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා

Latest News - timelapse 268 hours ago

LATEST

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලු වාහන සියලු මගීන්ට අද සිට ආසන පටි අනිවාර්යයි

calendar_today 2025 සැප් 01 - 10:12 remove_red_eye - 109  

අධිවේගී මාර්ගගයන්ගේ ගමන් ගන්නා සියලු වාහනවල සියලු මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද(01දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Read More

සබරගමුව පළාතෙත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු ඔබෙයිඩා ඊශ්‍රායෙලය විසින් ගාසා නගරයේ නිශ්චිත ඉලක්කයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි.

Read More

වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍ර දේශයේදී ඊයේ (31) මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට ලක් කර තියුණු ආයුධ වලින් පහරදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින්ද පහළ දමා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 13කින් පහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් හා භූමිතෙල් මිලෙහි වෙනසක් නොමැත.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය එක්දින දිවියේ 7 වැනි ශතකය වාර්තා කිරිමට පැතුම් නිශ්ශංක සමත්විය. පැතුම් අද ක්‍රීඩා කරන්නේ තම 71 වැනි එක්දින තරගයට වෙයි.

Read More

‘අපරාධ කරුවෙක් ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට අරන් ලංකාවට ගේනකොට ඒක මහා වීර ක්‍රියාවක් විදිහට සලකන ආණ්ඩුවට කොන්දක් නෑ රණවිරුවට රණවිරුවෙක් කියන්න. යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නාඋල දී කියා අද (31) කියා සිටියේය.

Read More

පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අද 31 පස්වරුවේ තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය.

Read More

නිවැසියන්ට අපල සහ භූමි දෝෂ ඇති බව පවසමින් ඔවුන්ගේ රන්බඩු ජීවම් කොට අපල කැපෙන මැණික් අල්ලාගෙන බවව පවසමින් විශ්‍රාමික ගුරුවරියකගෙන් පවුම් දොළහක ස්වර්ණාභරණ ලබාගෙන ආපසු නොදී වංචා කළ බව කියන පුද්ගලයකු මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ නිවුන් අලි පැටවුන් දෙදෙනා සිය හතරවන උපන් දිනය අද (31) සමරනු ලැබීය.

Read More

වෙන්නප්පුව වැව පාරේ 31 දින උදෑසන සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

Read More

පසුගිය රජය සමයේ 2023 වර්ෂයේ වී ගොවින් වෙත ගොවිජන සේවා කාර්යාල හරහා නොමිලේ ලබාදීමට රුපියල් කෝටි ගණනක් වටිනා පොහොර මේ වන විට එම ගබඩා තුළ විනාශ වීමේ අවදානමක් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අර් ඒ සි පි කේ රණසිංහ මහතා පවසයි.

Read More

යේමනයේ හූති සටන්කරුවන්ගේ ස්වයං ප්‍රකාශිත අගමැති ලෙස සැලකෙන අහමඩ් ගලෙබ් නසාර් අල්-රහාවි මෙම සතිය මුලදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව තහවුරු කර තිබේ.

Read More

කලාවැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් ග්‍රහණයේ සිටින ඇත් පැටවෙකුගේ පාදයේ ආබාධිත තත්වයක් හදුනා ගත් ගල්කිරියාගම වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්දන ජයසිංහ සහ උදේශිකා මධුවන්ති මහත්මියගේ අධික්ෂණය යටතේ ඇත් පැටවාට ප්‍රතිකාර සිදු කලාවැව ජාතික උද්‍යානයේදී ආරම්භ කළේය.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර ඔරුගොඩවත්ත හන්දිය දෙස සිට ඉංග්‍රම් හන්දිය සක්වා රථ වාහන කොළඹ ඇතුළු වීමේදී ඇතිවන රථ වාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දුරගමන් සේවා නව සීමිත නැවතුමක් ස්ථාපිත කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

නාවලපිටිය සුපිරි වෙළද සංකීරණයේ දෙවන මහලේ පවත්වා ගෙන යනු ලබන රන්භාණ්ඩ අලවිය හා රන් උකස් මධ්‍යස්ථානයක් බිඳ ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා උපකරණ සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී ඊයේ (30දා) රාත්‍රි මෝටර් ට්‍රොලියක් පිලීපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි.

Read More

වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මඩවල නගරයේ හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් පාවහන් අලෙවි සැලකට බරපතල හානි සිදු ව ඇති අතර තවත් ඇඳුම් මැසීමේ වෙළඳ සැලකට හානි සිදුව තිබේ. මෙම ගින්න නිසා එම පේලියේ තවත් වෙළඳ සැල් කිහිපයක තිබූ භාණ්ඩ ඉවත් කර ගැනීමට ප්‍ර දේශවාසින් සමත් වීම නිසා එම වෙළඳ සැල් ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.

Read More

පොතුවිල්, කෝමාරි ප්‍ර දේශයේදි අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ. අනතුරින් බස් රථයෙන් ගමන් ගත් 57 දෙනෙකු පමණ තුවාල ලබා කෝමාරි, තිරුක්කෝවිල් හා පොතුවිල් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

Read More

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

Read More

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව මේ වන විට තියාන්ජින් නගරයේ පැවැත්වීමට නියමිත අතර, එය ගෝලීය දකුණට නව අවස්ථා සහ බලය ලබාදෙන සම්මන්ත්‍රණයක් ලෙස සැලකේ.

Read More

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

මහ මඟ වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින හතරක් තිස්සේ උපක්‍රමශීලීව හිමිකරු සොයාගෙන ගොස් අයිතිකරුට භාර දුන් අපූරු රියදුරෙක් පිළිබඳව තොරතුරක් 30 දින උදෑසන දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා විය’

Read More

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව 08/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස්විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කළේය.

Read More

ලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 291/8 සීමා කිරීමට සමත්වු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගෙයන් ලකුණු 7ක ජයක් වාර්තා කළේය.

Read More

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කරන ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට දින (8/30) කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5000 ත් 7000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.