22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිරණය පැමිණි වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ක්ෂණිකව සම්මත කර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද බුලත්සිංහල පැවැති ජන හමුවක් අමතමින් ජනපතිවරයා සඳහන් කළේ "අපිට දූෂිතයන්ට දඩුවම් දෙන්න ඕන. කළු රාජ්‍ය බිඳින්න ඕන. අපි එළියේ ඉදන් දූෂණය ගන කථා කලානේ ඇතුළට ගියාම, එකින් එක බැලුවාම විශාල අපරාධ ගොන්නකට අපේ රට මුහුණ දී තිබෙනවා. ඇත්ත ගත්තොත් එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැති තරමට ඒවා දැක්කම මටත් බය හිතෙනවා. මේ ඔක්කොටම දෙන්න පුළුවන්ද කියලා"