2026 වසරේදී අධිවේගී මාර්ග ගණනාවක වැඩ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා අද (8දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල-ගලේවෙල කොටස නොවැම්බර් දෙසැම්බර් මාසවල අප ආරම්භ කරනවා. කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගය මෙම නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල පටන් ගන්නවා. කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය වන සැලසුම් කරන කටයුතු අරඹන ලෙස ජනපතිතුමා අපට දැනුම් දුන්නා. කටුනායක සිට දැදුරු ඔය පාලම ආසන්නයට අධිවේගී මාර්ගය දිගු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඇරඹීමට අප සැලසුම් කරනවා. කඩවත මීරිගම අධිවේගී මාර්ග කොටස 2028 මැයි මාසයේ අවසන් කරන්න පුළුවන්. පොතුහැර- රඹුක්කන කොටස 2027 වසරේ අප්‍රේල් අවසන් කිරීමට කටයුතු කරනවා" යැයි අමාත්‍යවරයා කියා සිටියේය.