කතරගම දේවාලයේ වාසනා හස්තියා මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳ හා පමණක් සහභාගී කරවිමට කතරගම දේවාලය තීරණය කර තිබේ.
මේ වන විට 58 වියේ පසුවන වාසනා හස්තියගේ සෞඛ්‍ය තතත්වය පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන තිබේ.
ඒ් අනුව මහනුවර දළදා පෙරහර වැනි ප්‍රධාන පෙරහරවලට පමණක් වාසනා හස්තියා මින් ඉදිරියට ඒක්වෙනු ඇත.
මේ වන විට ජනාතාවගේ විශාල ආදරයකට ලක්ව ඇති වාසනා හස්තියා විශාල ආගමික උත්සව සංඛ්‍යාවකට ඒක් කිරීමෙන් වාසනා හස්තියා දැඩි වෙහෙසකට පත්වෙන හෙයින් මෙම තීරණය ගෙන තිබේ.