ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලිය අනිවාර්යෙන් පවත්වන බවත් එම වේදිකාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිත බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳීසිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.