ඉදිකරන පාලමක වළකට වැටී ළමයෙක් මිය යාමට තාක්ෂණික සහකාරවරයා රිමාන්ඩ්
පාලමක් ඉදිකරමින් පවතින ස්ථානයක් ආසන්නයේ කැණීම් කර තිබූ වළකට වැටී හය හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අයිත්තියමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම පාලම් ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළ තාක්ෂණික සහකාරවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඒරාවූර් මහේස්ත්‍රාත් මදුංජලා කේතීස්වරන් මහත්මිය නියෝග කර තිබේ.
මඩකලපුව, අයිත්තියමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් උන්නිච්චි 6 වන සැතපුම් කණුව, නෙඩියමඩු ප්‍රදේශයේදී පසුගිය ඉරිදා කැණීම් කර තිබූ වළකට වැටීමෙන් මෙම දරුවා මියගොස් තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ 6 වන සැතපුම් කණුව රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නාගරාසා නවදීපන් නමැති හය හැවිරිදි දරුවෙකි.
අදාළ පාලම 6 වන සැතපුම් කණුව ප්‍රදේශයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ඉදිකරමින් පවතින අතර, එම පාලම ආසන්නයේ විශාල වළක් කැණීම් කර තිබී ඇත. එම වළ තුළ අඩි හතරහමාරක පමණ ජලය තිබී ඇත.
අදාළ වළ නැරඹීමට ගිය දරුවාගේ පාදය ලිස්සා වළ තුළට වැටී ඇති අතර, ඉන් ටික වේලාවකට පසු දරුවාගේ මව දරුවා සොයා ගිය අවස්ථාවේදී වළ තුළ තිබී දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
කැණීම් කර තිබූ වළවල් සහිත ප්‍රදේශවල කිසිදු අනතුරු ඇඟවීමේ සලකුණු හෝ ආරක්ෂිත පියවර යොදා නොතිබීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනයට එරෙහිව ප්‍රදේශවාසීහු දැඩි කනස්සල්ල හා විරෝධය පළ කරති.
අදාළ පාලම් ඉදිකිරීම් භූමියේ අනතුරු ඇඟවීමේ පුවරු හෝ දැන්වීම් කිසිවක් සවි කර නොතිබීම හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළ තාක්ෂණික සහකාරවරයා අයිත්තියමලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අද පෙරවරුවේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිටි ඒරාවූර්පත්තු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරියගේ කාමරයේදී අදාළ තාක්ෂණික සහකාරවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මඩකලපුව ජවුෆර් ඛාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

