තායිලන්තයෙන් ලංකාවට රැකියා අවස්ථා 10000ක් පමණ ලබා ගැනීමට හැකි බව විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මේ අනුව තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ශ්‍රමික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ලබන 14 දා එම ගිවිසුම
තායිලන්තයේදී අත්සන් තබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.