වසර 38ක සේවයෙන් පසු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති අජිත් රෝහණ විශ්‍රාම යයි
වසර 38ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ආචාර පෙළපාලිය අද (8දා) කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඒ මහතා එළඹෙන සැප්තැම්බර් 11 වැනි දින නිල වශයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර, ඊට සමගාමීව මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වාර්තා අතරට එක්වූ අජිත් රෝහණ මහතා, මහජන ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටු කළ ඔහු, සිය වෘත්තීය නිපුණතාවය මෙන්ම නම්‍යශීලී හා මිත්‍රශීලී පිළිවෙත නිසා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.
කොස්ගම ප්‍රදේශයේ උපත ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා, පාසල් අවධියේ සිටම දක්ෂ කථිකයෙකු ලෙස කැපී පෙනුණි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LL.B) උපාධිය ලබා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු, 2020 වසරේදී පොදු මහජන සේවය වෙනුවෙන් ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබීය.
සිය දීර්ඝ සේවා කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මෙන්ම දකුණ, වයඹ සහ නැගෙනහිර යන පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද තවත් වගකීම් සහිත තනතුරු රැසක් ද ඒ මහතා විසින් හොබවන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

