රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබා දී ඇති බව වාර්ථාවෙයි.
ඔහු හමුවීමට දිනකට තිදෙනෙකුට අවසර ලබා දී ඇති අතර ඔහු රඳවා ඇති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වාට්ටුව ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇති බවත්, වැඩිදුරටත් වාර්ථාවෙයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ලබාගත් බවට සැකපිට පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබිණි.
ඉන්ද්රමූර්ති ජයසූරිය