තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්තය තීරණය කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් 15 වනදායින් පසුව තායිලන්තය බලා පිටත්වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම වීසා බලපත්‍රයක් ලබාගත යුතුවේ.
මෙම සියලු වීසා අයදුම්පත් තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා අන්තර්ජාලය ඔස්සේ පමණක් යොමුකළ යුතු අතර, තානාපති කාර්යාලයට පැමිණ අයදුම්පත් භාරදීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
තායිලන්තයේ සංචාරය කිරීමට සැලසුම් කරන සියලුදෙනා e-Visa සඳහා අයදුම් කිරීමට පියවර ගන්නා ලෙසත්, නවතම තොරතුරු දැනගැනීම සඳහා තානාපති කාර්යාලයේ නිල පණිවුඩ හුවමාරු මාධ්‍ය පමණක් භාවිතා කරන ලෙසත් තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.