හංවැල්ල පොලිස් වසමේ පහත්ගම දිද්දෙණිය මාර්ගයේ සුසාන භූමියක වල දමා තිබූ ටී 56 ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක්, එම පතරොම් 04 ක් හා විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 2026.09.07 දින උදෑසන සොයා ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ රැඳවුම් නියෝග මත සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බස් ලලිත් නැමැත්තාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කීරීම්වලදී අනාවරණය වූ කරුණු මත මෙම ගිනි අවි හා පතරොම් පොලිස් භාරයට ගෙන ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.