saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 159 hours ago

LATEST

රත්තොට අයවැයත් මාලිමාව පරාදයි

calendar_today 2025 නොවැ 26 - 14:29 remove_red_eye - 763  

ජාතික ජන බලවේගයට බලය හිමි රත්තොට ප්‍රාදේශිය සභාවේ මංගල අය වැය ලේඛනය අද (26)දා පරාජයට පත් විය.සභාපති සමන්ත බණ්ඩාර සමරකොන් මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර එහිදි පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 14ක්ද ලැබුණි.

මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කිහිපයක් අද (26) දින පෙරලී ඇතිබවත්, එසේ පෙරලුණු ගල් ඉවත් කිරිමේ කටයුතු මේවන විට සිදුවන බවත් වාර්ථාවෙයි.

Read More

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇති බවත් තවත් පුද්ගලයින් හතකට තුවාල සිදු වී ඇති බවත් පවුල් 877 කට අයත් පුද්ගලයින් 3058 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මෙගාවොට් 204ක යුත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාරය සදහා යෝජිත භූමි ප්‍රදේශයේ බලශක්ති ආමත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ක්ෂේත්‍ර චාරිකාවක නියැලෙයි.

Read More

නාය යාමට ලක් වූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබෙනවා.

Read More

තායිලන්තයේ පැවති ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය වන ( Miss Universe - 2025 ) තරගාවලියට සහභාගී වූ ලිහාසා ලින්සේ වයිට් මෙනවිය ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපට 04 ක රගපෑමේ අවස්ථාව හිමි කර ගනිමින් 11/25 දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියාය .

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ,ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු සමග ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් 11/25 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) වත්මන් මට්ටමේම සියයට 7.75ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි.

Read More

කඩුගන්නාව සිට පහළ කඩුගන්නාව දක්වා ඇති අක්කර 400 ක් 500 ක් පමණ වන බැවුමේ ගැලවි ඒමට ඉඩ ඇති පර්වත බොහෝ ඇති බවත් බැවුමේ සෑම අගලක්ම නිරික්ෂනය කර එම පර්වත ස්ථාවර තත්වයකට හෝ ඉවත් කළ හැකි පාෂාන ඉවත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

පාකිස්තානයේ පැවැත්වෙන තුනකොන් විස්සයි20 තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ තරග තුනක් තුළ ශ්‍රී ලංකාව ජයගත් පළමු තරගය මෙය වෙයි. තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තත් ප්‍රසාද ලකුණු සටහන අනුව තමන් ක්‍රීඩා කළ තරග තුනම ජයගත් පාකිස්තානය ඉදිරියෙන් පසුවන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

Read More

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට 2011 වසරේදී එළඹ ඇති අතර, 2021 වර්ෂයේදී එම ගිවිසුමේ වලංගු කාලය අවසන් වී ඇත.

Read More

ලෝක උරුම ගාලු කොටුව තුළ පවත්වාගෙන යන රාජ්‍ය ආයතන 14ක් ඉදිරියේදී ක්‍රමානුකූලව ඉන් ඉවත් කිරීමට කටයුතු කරන බැව් ගාල උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල්ද සිල්වා මහතා පවසයි.

Read More

වී වගාව ආරම්භ කරන බවට ඉල්ලම් කළ ගොවීන්ගෙන් සියයට 90කට මේ වන විට පොහොර සහනාධාරයේ පළමු වාරිකය වන රු. 15000ක් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

පවතින වර්ෂාව හා තද සුළඟ සමඟ විශාල ගසක් අද 25 බෙරගල ගල්කන්ද ප්‍රදේශයේ මිදුලේ නවතා තිබූ කැබ් රථයක් මතට කඩා වැටීමෙන් කැබ් රථයට දැඩි හානි සිදුවී ඇති බව හපුතලයේ පොලිසිය පැවසීය. මෙසේ කැබ් රථයක් මතට ගසක් කඩා වැටී ඇත්තේ බෙරගල නිකපොත ගල් කන්ද ප්‍රදේශයේ පදිංචි පත්ම කුමාර නමැති ව්‍යාපාරික මහතෙකුට අයත් කැබ් රථයයක් මතටය .

Read More

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදි අද (25) පෙරවරුවේ පැවැත්විණ.

Read More

වාලච්චේන ප්‍ර දේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කිසිම ලිහිල් බවක් රජය නොපෙන්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

ජාතික ජන බලවේගයට බලය හිමිවූ සූරිය වැව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්ද දෙකකින් සම්මත වෙයි. පොහොට්ටුව හා සමගි ජන බලවේගය විරුද්ධ වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකෙයි.

Read More

තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 3.45ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.45 දක්වා වලංගු වෙයි. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ඳසහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 2 ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.වාන් දොරටු දෙකෙන් මෙන්ම පිට වානෙන්ද කළාවැවේ ජලය කළාඔයට පිට වෙන අතර, ඒ හේතුවෙන්හේ‍ෙතුවෙන් තප්පරයට ඝන අඩි 2640 ක ජල ධාරිතාවක් කළාඔය ඔස්සේ රාජාංගන ජලාශයට නිකුත් කෙරේ.

Read More

මෙවර සිරිපා වන්දනා සමයේදී අති සංවේදී සිරිපා හරිත අඩවියේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩ සටහන් රැසක් දියත් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

Read More

බදුල්ල සිට පානදුර බලා ගමන් ගත් බස් රථයක නැගී ගමන් ගනිමින් සිටි තරුණියක සතුව තිබූ මුදල් පසුම්බියක් සොරකම් කිරීමට තැත්කළ යුධ හමුදා සෙබලෙකු ඊයේ (24) සවස එම බස් රියේම ගමන්ගත් මගීන් පිරිසක් එක්ව අල්ලා පොලීසියට බාරදීමට කටයුතු කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

Read More

පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පළාතේ සියලුම පෙර පාසල් අද විසිපහදින සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අසා දැමීමට ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

Read More

හල්දුම්මුල්ල නගරයේ ආසන්නයේ මාර්ගයේ ඉහළීන් පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (25) උදෑසන වන විට යථා තත්වයට පත්කර වාහන ගමනාගමනය සදහා විවෘත කිරීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පැවසීය.

Read More

හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ වගාබිම් රැසකට පසුගිය 24 වනදා රාත්‍රී වන අලින් පැමිණ විශාල වග විනශයක් සිදුකර තිබෙන බවට එම ප්‍රදේශයන්හි ගොවින් පවසා සිටිනවා.

Read More

පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (24) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.

Read More

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු වලට ඉදිරිපත් කල විසඳුම් සඳහා නිෂ්චිත කාල රාමුවක් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පැය 48 කින් ලෙස ඊයේ (24) දා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටීය.

Read More

තමා අප්‍රේල් මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වන බවත් ලබන වසර අගදී චීන ජනාධිපති ෂී ජින් පිං ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා එක්වන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

Read More

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද(25දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.