කෘෂි රසායන වලට මට්ටු නැති කෘමියෙකුගෙන් දඹල වගාවලට හානි
කිසිදු කෘෂි රසායනයකින් පාලනය කල නොහැකි කෘමි උවදුරකින් සිය දඹල වගා විනාශ වෙමින් පවතින බැවි මාතලේ දිස්ත්‍රික්කයේ දඹල වගාකරුවෝ කියා සිටිති.
දඹල වගාවේ මල් හා පත්‍ර කා දමමින් වගා බිමි වල හැසිරෙන මෙම කෘමි විශේෂය කෘෂි රසායන වලට මර්ධනය නොවන බවත්, දෛනිකව වගා ක්ෂේත්‍රෙයන් ඉවත් කිරිම හැර වෙනත් විකල්පයක් නොමැති බැවි වගාකරුවෝ අවධාරණය කරති.
මාතලේ දිස්‍ර්තික්කයේ වගා බිමි රැසක දඹල වගා සිදුවන අතර, නාඋල , පල්ලේපොල,ගලේවෙල වැනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල මෙන්ම දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ද දඹුල බහුල ලෙස වගාකෙරෙති.
කරග් හටගන්නා දඹල වැල් වල වසා සිටිමින් පත්‍ර හා මල් ආහාරයට ගන්නා මෙම කෘමි විශේෂය ඉතා කුඩා කලයක දී වගාවේ පත්‍ර හා මල් කා දමන බැවි ගොවිහු කියා සිටිති.
මේ හේතුවෙන් සිය වගාවන් විනාශ වීමේ අවධානමක් පවතින බව ද ගොවිහු සදහන් කරති.මාතලේ දිස්ත්‍රික්කයේ දඹල වගා ආශ්‍රිතව පවතින කෘමි හානි සම්බන්ධයෙන් අදාල අංශ වල අවධානය යොමු විය යුතු බැවිද ගොවිහු අවධාරණය කර සිටිති.
නාවුල ඉන්දික අරුණ කුමාර


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
