ශ්‍රී ලංකාව විසල් බිළාල සංගමයේ සාමාජිකයෙක් වෙයි
වසර 26කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි.පරිසර අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙම සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේ අනුමැතිය හිමිවූ බව පැවසූ අමාත්‍යවරයා, ඉන්පසු එම කැබිනට් පත්‍රිකාවට අනූව සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 22 වනදා ගැසට් කළ බවද එම ගැසට් කරන ලද පරිසර පනත මැයි 06 වනදා පළමුවරට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ බවද පැවසුවේය.
පසුගිය අප්‍රේල් 19 වනදා සිට පරිසර අමාත්‍යංශයට වැදගත් වන තවත් වැදගත් ගිවිසුමකට අත්සන් කළ බව ද, එනම් ජාත්‍යන්තර විසල් බිළාල සංගමයට රටක් ලෙස අප රට ඇතුලත් වූ බවද හෙතෙම සඳහන් කළේය.
2023 වසරේ ඉන්දියාව මූලිකත්වයෙන් ආරම්භ වන මෙම ජාත්‍යන්තර විසල් බිළාල සංගමයේ අරමුණ වනුයේ ලෝකයේ ජීවත් වන බළල් පවුලේ ප්‍රධාන විශේෂ 07ක් සංරක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මුලපිරීමක් බවද ලොව සිටින විශාල බළලුන් ලෙස සැලකෙන කොටියා, දිවියා, සිංහයා, හිම දිවියා, චීටා, ජගුවාර් සහ පූමා යන මහා බළල් විශේෂ 07 ලෝක පරිමාණයෙන් වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇතැයිද එම මහා බළල් විශේෂ 07 සංරක්ෂණය කිරීම සදහා වන මැදිහත්වීම මෙම සංවිධානයෙන් සිදුකරන බවද අවධාරණය කළේය.
අප රටේ එම විශාල බළල් පවුලේ විශාල බළලුන් අතරින්ශ්රී ලාංකික දිවියා සංරක්ෂණයටත් මෙම සංධානය තුළ ඉඩකඩ ලැබෙන බවද සඳහන් කළේය. එම වැදගත්කම සලකා අප රට පසුගිය අප්‍රේල් මාසයේ මෙම ජාත්‍යන්තර විසල් බිළාල සංගමයට ඇතුළත් වූ බවද එය වනජීවී සංරක්ෂණයේ තවත් විශේෂ පියවරක් ලෙස හැඳින්විය හැකි බවද අවධාරණය කළේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
