විදුලි මිල ඉහළ යාමට ගල් අඟුරු ගැටලුව බලපෑමක් නෑ
විදුලි ජනන වියදම වැඩි වීම හේතුවෙන් විදුලි බිල 18%කින් වැඩි කිරීමට තීරණයක් ගත් බවත් , කෙසේ වෙතත් එම මිල වැඩවීම බලපාන්නේ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින්ගේන් 4.06%කට පමණක් බව බලශක්ති අමාත්‍ය හා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
විදුලි බිල වැඩි කීරීම සම්බන්ධයෙන් අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදුලිබල අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, විදුලිය ජනන වියදම් පුරෝකතන කර මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම මිල තීරණය කර ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
මැද පෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන සඳහා වැයවන මිල , විදුලි ජනනට අවශ්‍ය වර්ෂාව නිසි පරිදි නොලැබීම, නැප්තා සඳහා පුරෝකතනය කළ වියදම යන කාරණා සැළකිල්ලට ගෙන වැඩිවන මිල පිළිබඳව තීරණයක් ගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදුලි ජනනය සඳහා පෙර ඇස්තමේන්තු කර රුපියල් මිලියන 77,432 වෙනුවට මේවන විට රුපියල් මිලියන 104,449ක් වැඩි වී ඇති බවත් එය සමස්ථයක් ලෙස රුපියල් මිලියන 27, 016ක් වන බව සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙර කළ පුරෝකතනයන්ට අනුව ලංකාවේ සමස්ථ විදුලි පාරිභෝගිකයින් සංඛාව 7,913,820කි.
මේ අතරින් ගෘහස්ථ විදුලි ඒ්කක පාරිභෝගිකයින් ලක්ෂ 6,751,133ක් සිටින බවත්, විදුලි ඒකක 180ට අඩුවෙන් විදුලි පාරිභෝකයින් ලක්ෂ 6,429,757ක් සිටින බවත් එම පිරිසට විදුලි බිල වැඩි වීමේ බලපෑමක් සිදු නොවන බවද සඳහන් කළේය.
විදුලි ඒකක 180 වඩා අඩුවෙන් පරිභෝජනය කරන ආගමික සිද්ධස්ථාන මෙන්ම කර්මාන්ත සහ හෝටල් ක්ෂේත්රවල නියැලෙස පිරිසටද මෙමගින් බලපෑමක් සිදු නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධව ඇතිවූ මූල්‍යමය අවාසිය කිසිදු මෙම මිල වැඩවීම සඳහා කිසිදු අකාරයකට බලපෑමක් නැති බවත්, අදාළ සමාගම්වලින් එය පියවා ගැනීමට ටෙන්ඩර් පටිපාටිය තුළ විධිවිධාන සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
එළඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් නැවත විදුලි බිල වැඩීවීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
