දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගය මැදමහනුවර සිට හසලක දක්වා කොටස හෙට (28) උදෑසන 07.00 තෙක් වසා දැමීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි හා තද සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreපවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය- ගම්පොල මාර්ගයේ රම්බොඩ උමං මාර්ගය අසල කොටසක් අද (27) නායයෑමට ලක්විය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටර්න් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයට පසුකඳු කඩා වැටී ඇති බව වාර්ථාවනවා
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත. උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, ස්ථාන කිහිපයක පසු සහ ගල් පෙරලී ඇති නිසා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයන් දක්වා පමණක් ධාවනය කිරිමටයි දුම්රිය පාලන මැදිරිය පියවර ගෙන ඇත්තේ. පවතින වර්ෂාවත් සමග දුම්රියෙන් ගමන් කිරිමට තරම් මගීන් සංඛ්‍යාවක් නොමැති බවයි හැටන් දුම්රිය ස්ථානයේ න
Read Moreපවුල් හාරසීයක (400) පුද්ගලයන් දහසකට (1000) වැඩි පිරිසක් පීඩාවට පත්වෙ. අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම නිසා අනුරාධපුර පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් වඩා සැලකිලිමත් විය යුතුයි.
Read Moreදිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථානවල 38ක පවුල් 697කට අයත් පුද්ගලයන් 2120ක් ඳරවා ඇති බව රජය නිවේදනය කරයි.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය සමග අද 27 උදෑසන වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හයක සිදුවූ නායාම්වලින් මේ වන විට පුද්ගලයන් දහ නමයක් (19) මරණයට පත්ව ඇති බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම් එල් උදය කුමාර මහතා පැවසීය.
Read Moreවැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreදිවයිනට මේ වන විට බලපා ඇත අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති සියලුම ආපදාවන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreමේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙයි.
Read Moreවිශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය (26) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකලවාන හා මොණරාගල පොලිස් වසම්වල සිදුවූ දිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ.
Read Moreමහවැසි ඇදහැළෙන හෙයින් හා රාජාංගනය ජලාශයෙන් තප්පරයකට ජලය ඝණ අඩි 16,000ක් හා අංගමුව ජලාශයෙන් තත්පරයකට ජලය ඝන අඩි 2296 ක් 27 දින අලුයම වනවිට කලාඔයට මුදාහැරෙන නිසා කලාඔයේ ජලමට්ටම ඉහළ යා හැකි බැවින් කලාඔය දෙපස පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට රාජාංගනය ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය ඉල්ලීමක් කරයි.
Read Moreපවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බවත් එම දින දෙකට අදාල විෂයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කර තිබේ.
Read Moreකොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා වූ මාර්ග කොටස යළිත් ඊයේ රාත්‍රී සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාතවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ඌව පළාතේ සියලුම මුස්ලිම් පාසල් හෙට සහ අනිද්දා 2025/11/27 සහ2025/11/28 දෙදින තුළ වසා තැබීමට කටයුතු කරන බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා සඳහන් කළේය.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’’ඩෝරා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ මාස හතරක පමණ වයස සිංහ පැටවුන් සිවු දෙනෙකු අද(26) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreஎමහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදු වන බැවින් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreවාහන ආනයන විවෘත කිරීමෙන් අනතුරුව නොවැම්බර් මාසය වන වට ඒ් වෙනුවෙන් විවෘත කරනු ලබන ණයවර ලිපි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
Read Moreමෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය පිහිටුවීම හෙට (27) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
Read Moreදකුණු පළාත් සභාව විසින් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3වන පංතියේ 1 (අ) ශ්‍රේණියට උපාධිධාරි ගුරුවරු බදවා ගැනිමේ දි විභාගය සමත් ලේඛනයේ නම සදහන් නොවු, උපාධිධාරින් වෙත පත්විම් ලබා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් දකුණු පළාත් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යා යුතු මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් ජලාශයේ පිටවානේ ගේට්ටු හතම මීටර් බින්දුවයි දශම තුන බැගින් අද උදෑසන සිට විවෘත කළ බව ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
Read Moreරුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් ගමන් ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු 11/25 දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හාල් කන්ටේනර් පහක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෙසේ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි.
Read Moreදිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 70 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 26 වනදා පෙරවරුවේ නිකුත් කර තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස අද (26දා) සිට නැවත දැනුම් දෙන තුරු උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ නානුඔය හා බදුල්ල අතර රාත්‍රි තැපැල් දුම්රිය ධාවන සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More