ගාල්ල දංගෙදර ඩික්සන්හන්දිය ප්ර දේශයේ දි අද (12) උදෑසන 7.30ට පමණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මෙකි පුද්ගලයා ඩික්සන්හන්දියේ පිහිටි සුපිරිවෙළදසැලක් අසල රැදි සිටියදි ඇල්ටෝ වර්ගයේ කාර්රථයකින් පැමිණි නාදුනන තුවක්කුරුවන් විසින් මෙම වෙඩි තැබිම සිදුකොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. ඝාතනයට ලක්වු පුද්ගලයා මිට මාස මාස හයකට පමණ ඉහතදි ගාල්ල දංගෙදර ඩික්සන්හන්දියේ ප්ර දේශයේ පිහිටි කුලි නිවසකට පැමිණ එහි පදිංචිව සිට ඇත. මොහු 47 හැවිරිදිවියේ පසුවු දෙදරු පියෙකි.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ගම් ප්ර දේශය අහංගම වැල්හෙන්ගොඩ වන අතර ඔහු මුදල් පොලිකරණු ලබන අයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. වෙඩි වැදිමත් සමග මෙකි පුද්ගලයා ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හදිසි ප්රථිකාර අංශයට ඇතුළත්කොට ඇති අතර හදිසි ප්රථිකාර අංශය තුලදි මොහු මියගොස් ඇත. ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.