දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පැතිර ගිය උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් 2026 මැයි 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි..
ඒ අනුව, පාසල් නැවත ආරම්භ කිරීමට පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම හා සෞඛ්යාරක්ෂිත පරිසරයක් සකස් කිරීම සඳහා 11 හා 12 යන දිනවල අවශ්‍ය කටයුතු සූදානම් කරතිබුණි..
දැනට නිවාඩු ලබා දී ඇති පෙර පාසල් මෙම සතිය තුළද වසා තැබෙන අතර, පාසල් සහ පෙර පාසල් නැවත ආරම්භ කරන දිනයට පෙර පිරිසිදු කිරීමේ හා සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා දායක වීමට කැමති පුද්ගලයින් හා ආයතන දෙනියාය කළාප අධ්‍යාපන කාර්යාලය සමඟ සම්බන්ධ වී සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටී.
දකුණු පළාතේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ප්රමුඛ කර ගනිමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරනු ලබන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා පවසයි.