2001 සිට 2006 දක්වා තායිලන්තයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ දූෂණ චෝදනා මත වසරක සිර දඬුවමකට යටත්ව බැංකොක් නුවර බන්ධනාගාරයක මාස අටක් ගත කිරීමෙන් පසු, තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්රා නිදහස් කර ඇත.
2026වර්ශයේදී ඔහු විදේශගතව සිටියදී සිදු වූ හමුදා කුමන්ත්රණයකින් පසුව ධුරයෙන් පහ කරනු ලැබීය.
වසර 15 ක් පිටුවහල්ව සිටීමෙන් පසු 2023 වසරේදී ඔහු නැවත තායිලන්තයට පැමිණියේ සිය පාලන කාලය තුළ සිදු වූ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් නියම වූ වසර අටක සිර දඬුවමට මුහුණ දීම සඳහාය.
පසුව එරට රජු විසින් එම දඬුවම වසරක් දක්වා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.
දඬුවම් කාලය නිල වශයෙන් අවසන් වන තෙක් ඔහු විද්යුත් නිරීක්ෂණ උපකරණයක් පැළඳිය යුතු බවද වැඩිදුරටත් වාර්තා වෙයි. (IJ)