මධ්‍යම අධිවේගයේ රඹුක්කන ගලගෙදර කොටසට කොන්ත්‍රාත් පිරිනමයි
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසේ 2 වන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කිලෝමීටර් 13+800 සිට 32+450 දක්වා දිවෙන මෙම කොටස සඳහා රජය විසින් පූර්ණ දේශීය අරමුදල් සපයනු ලබන අතර, සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 112ක් ලෙස සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත් පැකේජ 07ක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවා තිබූ අතර, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අදාළ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
2A පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.90ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
2B පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.71ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට කේ.ඩී.ඒ.වීරසිංහ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
2C පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.12ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
2D පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 16.39ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට නෙම් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
2E පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 18.70 (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී වෙත ප්රදානය කිරීම.
2F පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 14.52ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
2G පැකේජය ඉදිකිරීම රුපියල් බිලියන 19.10ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්රදානය කිරීම.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
