අල්ලස් කොමිෂම හමුවේ පෙනි සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය. කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති කපිල චන්ද්‍ර සේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
අල්ලස් කොමිෂමට පමණක් නොව වෙනත් ආයතන වෙතද තමන් කැඳවනු ඇතැයි ඔහු පැවැසීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 12 දා අල්ලස් කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.