කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරන යාල් දේවි දුම්රිය යළිත් හෙට සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඒ් අනුව කොළඹ කොටුව සිට යාපනය/ කන්කසන්තුරය දක්වා සඳුුුදා, බදාදා හා සිකුරාදා ගමන් කරන අතර කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා අඟහරුවාදා, බ්රහස්පතින්දා හා ඉරිදා දිනවල ගමන් කරනු ඇත.
කොළඹ කොටුවෙන් පෙරවරු 6.40ට ගමන් ආරම්භ කරන දුම්රිය එදින පස්වරු 2.33ට කන්කසන්තුරයට ළඟා වීමට නියමිතය. කන්කසන්තුරයෙන් පසුදා පෙරවරු 10.30ට ගමන් ආරම්භ කරන දුම්රිය රාත්රි 7.03ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.