ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායු ගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැක. ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
බොහෝ විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පෙණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.