පරිගණක අපරාධවලට සම්බන්ධ විදෙස් ජාතිකයන් 198ක් දකුණෙන් අල්ලයි
- 12 05 2026
- 07:46
- {{hitsCtrl.values.hits}} views
- ..
පරිඝණක අපරාධ සිදුකල බවට සැකපිට විදේශ ජාතික පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට - මිදිගම
2026.05.11 වන දින රාත්රී මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්රදේශයේ සංචාරක හෝටලයක්තුලදී මිදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 25 ත් 35 අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් වේ.
මෙම සැකකරුවන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිඝණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පරිඝණක අපරාධ සිදුකල බවට සැකපිට විදේශ ජාතික පුද්ගලයින් 55 දෙනෙකු හා නවාතැන්පලක හිමිකරුවෙකු අත්අඩංගුවට - අක්මීමණ
2026.05.11 වන දින හික්කඩුව පොලිස් වසමේ දොඩන්දූව ප්රදේශයේ නවාතැන්පලක් තුලදී පොලිස් විශේෂ කාර්ය බලකා අක්මීමන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරුවෙකු පරිඝනක යන්ත්ර 25 ක්, ජංගම දුරකථන 119 ක්, මුදල් රුපියල් 750,000/- (හත්ලක්ෂ පනස් දහසක්) ක්, කාර් රථයක් හා ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන හික්කඩුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 20 ත් 48 ත් අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් වන අතර ලැගුම්හල් හිමිකරු වයස අවුරුදු 43 ක් වන දොඩම්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකි. හික්කඩුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පරිඝණක අපරාධ සිදුකල බවට සැකපිට විදේශ ජාතික පුද්ගලයින් 110 දෙනෙකු අත්අඩංගුවට - ගාල්ල
2026.05.11 වන දින ගාල්ල පොලිස් වසමේ ගල්වඩුගොඩ හා ශ්රී සුමේධ මාවත ප්රදේශවලදී ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීම් දෙකක් සිදුකර ලැගුම්හල් දෙකක් තුල නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 19 ත් 35 ත් අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් වේ.සැකකරුවන් සන්තකයේ තිබී පරිඝනක යන්ත්ර 58 ක්, ජංගම දුරකථන 79 ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
