හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන 9.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.
ශ්රීලංකා ගුවන්සමාගමට 2013 වසරේදී එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා තිබිණි.
ඔහුට සහාය පළ කිරීම සඳහා පාක්ෂිකයන් විශාල පිරිසක් අල්ලස් කොමිෂන් සභාව අසලට රැස්ව ඇති බව වාර්ථා වෙයි.


ඉන්ද්රමූර්ති ජයසූරිය