2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවේ.
නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි ඊයේ (03දා) තීන්දු කළේය.
Read Moreහිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03දා) නියෝග කළේය.
Read Moreපිරමීඩාකාර මූල්‍ය ගනුදෙනුවලින් ජනතාවගේ රුපියල් කෝටි 1500ක් වංචා කළැයි කියන පොළොන්නරුවේ ‘ස්පොට්ස් චේන්’ නමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ දෙවැනි පෙළ නායකයන් බව කියන සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) නියම කළේය.
Read Moreගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් (කිලෝ මීටර් 501 ක් ) ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක් නෞකාවක හැපීමෙන් සිදුවු අනතුරකින් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති අතර ධීවරයින් හතර දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මගින් බේරා ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreඑලඹෙන 22 වැනිදාවින් පසු ආර්ථික විප්ලවය ආරම්භ කර සෑම පළාතක්ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreජාතික භික්ෂු පෙරමුණ විසින් පැවැත්වූ ජාතික සඟ සමුළුව පිළිබඳ අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශ සිදු කළ අජිත් පී.පෙරේරා මහතාගෙන් රුපියල් මිලියන දෙසියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කිරීම සඳහා පන්විල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබූ ජන හමුවකට පැමිණි පිරිසකට ලබාදීම සඳහා සූදානම් කොට තිබූ ආහාර මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක්විසින් ඔවුන්ගේ භාරයට ගෙන පන්විල පොලිසියට භාරදී තිබේ .
Read More2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreගොවී ජනතාවට සහනයක් ලබාදීම ඔවුන්ට සහායක් ලබාදීම වෙනුවෙන් සියලු ගොවින් ලබාගෙන ඇති සියලු වගා ණය කපා හැරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.
Read Moreමෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇතිබව වාර්තා වෙයි.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මගින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය අද ( 03) වැනි දින පෙරවරු විවෘත කරන ලදිි .
Read Moreභූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ අයිතිවාසිකම් පනත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
Read Moreජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක් කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 - 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැහැ සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් වෙනත් අපේ
Read Moreහෙට (04) අනිද්දා (05දා) හා 06දා යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට අවස්ථාවක් නොමැති රාජ්‍ය සේවකයන් වෙත මේ මස 11දා හා 12 දා යන දිනවලදීද සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඅඩි 15 ක පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටී බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි .
Read Moreඑහීදි තමා ගත් තීරණය ගැන ප්‍රකාශය මගින් සඳහන් කළ මන්ත්‍රීවරයා පසුව සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට පැමිණීමටද කටයුතු කළේය.
Read Moreකරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03දා) දිවුරුම් දුන්නේය.
Read More’’මම දේවාලයක් පවත්වාගෙන යමින් දේව ගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති උනා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති බව ’’
Read More2024 ජනාධිපතිවරණයට අදාල නිල ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල වෙත (03) දින ලැබි තිබු අයුරු දක්නට ලැබුණි. තැපැල් කාර්යාල වෙත ලද සියළුම නිල ජන්ද පත්‍රිකා මුද්‍රා තබා වතු ආශ්‍රිතව, ග්‍රාමිය සහ නගර වශයෙන් වෙන් කරගනිමින් එම ප්‍රදේශය භාර ලිපිකරුවන් හරහා (03) දින සිට බෙදා හැරිම සිදු කරන බවයි තැපැල් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ද්‍රවිඩ ජාතික තරුණයෙකු 09/02 දින රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreසැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලිසියට පැමිණ භාර වී ඇත.
Read Moreරුපියල් මිලියන එක්ලක්ෂ පනස් දෙදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (4) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreසමිත දුලාන් එහිදී මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.
Read Moreපාර්ලිමේන්තුව සැප්තැම්බර් 03වැනි අඟහරුවාදා, සහ 04 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඊයේ (02) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද අහිමි කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතා සේවකයෙක් බවට පත් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බදු රහිතව වාහන ලබා ගැනීමේ බලපත්‍රය, නිල නිවාස ලබා නොදෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreනකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කල රුසියානු ජාතිකයන් දෙදෙනෙකු වනජිවි නිලධාරින් විසින් ඉකුත් (28) දින අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝ කර තිබිණ.
Read More