"මම රනිල් වික්‍රමසිංහ බලන්න ගියානම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි.අගමැති හැටියට මට ඕන,ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා සාවද්‍ය ප්රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා" යැයි අගමැතිනි හරිනි අමරසුරිය මෙනවිය ඌව පළාත් සභාවේදි 26 දින පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.
රටේ ක්‍රියාත්මක කිරිමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අධ්‍යාපනය සංවර්ධනය පිළිබද පළාතේ අධ්‍යාපන නිළධාරින් දැනුවත් කිරිමේ වැඩමුලුවක් පළාත් සභාවේදි පවත්ව බන් අනතුරව පැවැත්වු මාධ්‍ය හමුවකදි මෙම අදහස් ප්‍රකාශ කළාය.
එහිදි හරිනි අමරසුරිය මෙනවිය මෙසේද පැවසීය, "පදනමක් නැති කතා ඔප්පු කරලා පෙන්වන්න කටකතා ප්රවෘත්ති කරලා පෙන්වන්න එපා. ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවානම් ඒකට පදනමක් තිබිය යුතුයි. 50ක් ආණ්ඩුවෙන් යන බවක් කියනවා මටත් කියන්නකෝ යන්නේ කවුද කියලා. අපි ජනතාවට දුන්න පොරොන්දු තමයි අපි දැන් ඉටු කරන්නේ අපි නිතියට බලපෑම් කරන්නේ නෑ. නිතිය ස්වාධිනව කටයුතු කරනවා."