අද (25) රාත්‍රි 12න් පසුව පුත්තලම මාර්ගයෙන් ආරම්භ වන ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.
මෙම වැඩපිළිවෙල යටතේ නිශ්චිත වෙලාවට බස් රථ ගමන් ආරම්භ කිරිම් හා නිශ්චිත වෙලාවට ගමනාන්තයට ලගා විම සිදුවන බවද පැවසිය.
මේ අනුව තලෛයිමන්නාරම් සිට කොළඹ දක්වාත් .යාපනය සිට කොළඹ දක්වාත් මන්නාරමේ සිට කොළඹ දක්වාත් ගමන් කරන බස් රථ එකාබද්ධ කාලසටහනක් යටතේ ධාවන වන බවද සදහන් කළේය.
මෙම ක්‍රමය යටතේ බස් රථයක් හා තවත් බස් රථයක් අතර නිශ්චිත කාල පරායසයක් පවතින බවත් ජි පි එස් තාක්ෂණය ඹස්සේ මෙය සිදුවන ආකාරය නිරික්ෂණය කරණ බවත් ඊට අදාල උපකරණ බස් රථවල සවිකර තිබෙන බවද පැවසිය
මිට අමතරව ගමන් කරණ මාර්ගයේ පවතින බස් නැවතුම් පොලවල්වලට පැමිණිය යුතු වෙලාවන්ද තිබෙන බවත් ඒ පිලිබදවත් නිරික්ෂණය කරන බවත් ලංගම හා පෞද්ගල බස් රථවලින් අති බහුතර ප්‍රමාණයක් ලබන වසර අවසන් වන විට එකාබද්ධ කාලසටනක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙන බවද සදහන් කලේය