මාතර වෙරළ පාර ප්‍ර දේශයේදි කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇත.් එම වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදු කිරීමෙන් පසු සැකකරු පළාගොස් ඇත.
ගිනි අවිය, සජීවෟී පතරොම් 04 ක් හා හිස් කොපුවක් එම ස්ථානයේ දමා ගොස් තිබේ. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.