ලබන මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර, මෙම ක්‍රියාමාර්ගයන්ට අදාළව රියදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම ඊයේ (25දා) සිදුවිය.
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රයේ දී මෙම වැඩසටහන සිදුවූ අතර මෙහිදී ජනතාව දැනුම්වත් කිරීම පිණිස අත් පත්‍රිකා බෙදා දීම ද සිදු කෙරිණ.
සුරක්ෂිත රිය ධාවනයත් මගී ආරක්ෂාවත් මූලික කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
රට තුළ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ දර්ශකය ප්රශස්ත තත්වයක පවත්වා ගැනීමත්, ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමත් සඳහා මෙම දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
2025 සැප්තැම්බර් මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර, මෙම ක්‍රියාමාර්ගයන්ට අදාළව රියදුරන් හා මගී ජනතාව දැනුම්වත් කිරීම පිණිස අත් පත්‍රිකා බෙදා දීම ද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට එක්වූ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා සඳහන් කළේ
‘ආසන පටි පැලඳීම නියමානුකූලව සිදුකර තමන්ගේ ජීවිතය මෙන්ම අන් අයගේත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් දායක වන මෙන් සියලූම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් මා ආදරයෙන් ඉල්ලා සිටිනවා. තරගකරුවකු වශයෙන් මම තරගයකට සහභාගීවන අවස්ථාවලදී ජීවිතාරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත පටි 05 ක් පලඳිනවා. මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සෑම දෙනෙකුම සහයෝගය ලබාදෙනු ඇතැයි මා බලාපොරාත්තු වෙනවා.’