2025 වසරේ පළමු කාර්තුවෙහි (ජනවාරි පළමු වැනිදා සිට මාර්තු තිහ දක්වා) ඉහළම විරැකියා අනුපාතය වාර්තා වනුයේ අ. පො. ස( උසස් පෙළ) සහ ඊට ඉහළ කාණ්ඩය බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණයවේ.
එහි නවතම වාර්තාව අගෝස්තු 25 වන දින නිකුත් වී ඇති අතර එහි සඳහන් වන්නේ සියලුම අධ්‍යාපන මට්ටම්වල කාන්තා විරැකියා අනුපාතය පිරිමින්ට වඩා ඉහළ අගයක් ගන්නා බවය.
2025 වර්ෂයේ පළමු කාර්තුව තුළ (ජනවාරි පළවැනිදා සිට මාර්තු තිහ දක්වා) රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව 322,331 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර 2025 වේ පළමු කාර්තුව සඳහා විරැකියා අනුපාතය 8. 8% කි. ඉන් 2.5 % පුරුෂ පක්ෂය වෙන අතර 6.3% ක් කාන්තාවෝ වෙති. මෙහි පළමු කාර්තුවෙහි ඉහළම විරැකියා අනුපාතය වාර්තා වන්නේ අප. පො. ස(උසස් පෙළ) සහ ඊට ඉහළ කාණ්ඩයෙනි. එය 6.1% කි.සියලුම අධ්‍යාපන මට්ටම්වල කන්තා විරැකියා අනුපාත පිරිමින්ට වඩා ඉහළ අගයක් ගන්නා බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
වයස අනුව ගත් කළ විරැකියා අනුපාතයේ ඉහළම අගයක් වාර්තා වන්නේ අවුරුදු 15 - 24 අතර වයස් කාණ්ඩයෙනි. එය 19.7% අවුරුදු 25- 29 අතර 10.1% වන අතර අවුරුදු 30 වැඩි වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතය 1.3%^ පමණ වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී.