එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පෙර දිනයේ නියෝග කර ඇත.
රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය අනුව පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණී.
රනිල් වික්‍රමසිංහ මහතාට පිළිබඳ ප්‍රතිකාර කරන වෛද්‍ය විශේඥයින්ගේ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සළකා බලන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.