2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම "Z" අගයන් අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 90670ක් අයදුම්කර ඇති අතර 42172ක් විශ්වවිද්‍යාවලට ඇතුළත්වීම සඳහා තෝරාගෙන තිබේ.
සිසුන්ට ඔවුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පහත සඳහන් ක්‍රම ඔස්සේ දැන ගත හැකිය.
1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින්
වෙබ් අඩවිය : http://www.ugc.ac.lk
2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමතීම මගින්
දුරකතන අංක : 0112695301/ 0112695302/ 0112692357/ 0112675854
3. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කළ සියලුම සිසුන්ට SMS පණිවිඩයක් හරහා විශ්වවිද්‍යාලයට තේරී පත් වී ඇති බව හෝ නැති බව දැන්වීම සිදු කරනු ඇත.



