රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශය පෙන්වා දුන්නේ නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මේ වනවිට මුද්‍රණ පිටපතක් ආකාරයෙන් වෛද්‍ය සහතිකය නිකුත් කරනු ලැබීමේ ක්‍රමවේදය විනිවිදභාවයෙන් තොරවන බවත්, අක්‍රමිකතා සිදුවන බවටත් අනාවරණය වී තිබීම මීට හේතු වී ඇති බවයි.
ඒ අනුව මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා සදහන් කර සිටියේ,
"රියදුරු බලපත්‍රයක් කල් ඉකුත්වූ විට එය අලුත් කරගැනීමටත් වේරහැරට එන්න වෙලා තියෙනවා. එය ජනතාවට විශාල අපහසුතාවක්. වේරහැරට පැමිණීම අනිවාර්ය වෙලා තියෙන්නේ ඇඟිලි සලකුණු ලබාදීමට අවශ්‍ය නිසා පමණයි. තවත් මාසයක් වැනි කාලයක් තුල මෙම ක්රමවේදයත් වෙනස් කරලා, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිමට වේරහැරට එන්නෙ නැතිව, පහසුවෙන් කරගත හැකි ක්‍රමවේදයක් අපි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කරලයි තිබෙන්නේ" යනුවෙනි.