රු. 23500ක අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවට
ග්‍රාම නිළධාරි කාර්යාලයට අවශ්‍ය අල්මාරියක් මිලදි ගැනීම සදහා ප්‍රදේශයේ පුද්ගලයකුගෙන්, රුපියල් 23500ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන, ග්‍රාම නිළධාරිණියක් අද ( 26) පස්වරුවේ අල්ලස් හා දුෂණ විමර්ශණ කාර්යංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි.
අත්අඩංගුවට ගන්නා ලද ග්‍රාම නිළධාරිණිය, සියඹලාන්ඩුව, මුතුකන්ඩිය, 03 ගම්මානයේ පදිංචි, සියඹලාන්ඩුව, ගොවිදුපුර පොලිස් වසමට අයත්, බරවාය ග්‍රාම නිළධාරි වසමේ සේවය කරන ග්‍රාම නිළධාරිනිය බව සියඹලාන්ඩුව පොලිසිය පවසයි.
මෙම ග්‍රාම නිළධාරිනිය,ගොවිදුපුර, නාපේ පංගුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ග්‍රාම නිළධාරි කාර්යාලයට අවශ්‍ය අල්මාරියක්,සියඹලාන්ඩුව 02 කනුව ප්‍රදේශයේ, වෙළද සැලකින් සදවාගෙන, ඊට වැයවී ඇති රුපියල් 23500ක මුදල, එම පුද්ගලයාට ගෙවන ලෙස,අදාල බිල්පත් එම පුද්ගලයාට ග්‍රාම නිළධාරි කාර්යාලයේදී, ලබාදෙන විට සැකකාර ග්‍රාම නිළධාරිණිය අල්ලස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි.
අත්අඩංගුවට ගත් ග්‍රාම නිළධාරිණිය, අල්ලස් හා දුෂණ විමර්ශණ කාර්යංශයේ නිලධාරින් විසින් සියඹලාන්ඩුව පොලිසිය වෙත ඉදිරිපත්කර ඇත.
සැකකාර ග්‍රාම නිළධාරිනිය හෙට ( 27 ) සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත සියඹලාන්ඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවින්ද්‍ර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකෙරේ.
නයනජීව බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

