මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නොමැති බවත් ජාතික ආරක්ෂාව වත්මන් රජය තහවුරු කර ඇති බව වගකීමේන් පවසන බවත් ජාතික ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැවැසීය.
නමුත් විවිධ සිදුවීම් මත මෙම වෙඩි තැබීමි පිළිබඳ රජයට යම් සැකයක් මතුව ඇති බවත් ඒ පිළිබඳවඳ කඩිනමින් පරික්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවඳ ඒ මහතා සඳහන් කළේය.
මෙරට මාස 09ක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව සිදුවූ 88 වැනි වෙඩි තැබීම හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල තුළ ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ හෙළිවීමත් සහ සොලිස්ටර් ජනරාල්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳ පළවන විවිධ ප්‍රකාශ පිළිබඳවත් අද (26) මැදවච්චිය නගරයේදී කළ විමසීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එසේ කවේය.
“මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධව කිසිදු ප්රශන්යක් නැති බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මෙරට මහජන ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුලුව පොලිස් දෙපාර්තමේන්තුව , ත්‍රිවිධ හමුදාව සහ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යන කරුණු සියල්ල ඇතුලත දෛනිකව සාකච්ඡාවට බදුන්කරමින් මෙරට ජාතික ආරක්ෂාව ගැන උපරිම මැදිහත් වීමක් සිදුකර ඇති බවඳ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා සඳහන් කළේය.
හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා. පහුගිය කාලසීමාව දෙස නැවත හැරී බැලූවිට විශේෂ සිදුවීමක් සිදුවූ හැම මොහොතකම මේ වෙඩිතැබීම් වගේ සිදුවීම් වෙනවා කියලා අපට සිතෙනවා. ඉතින් ඒ පිළිබඳ විශේෂයෙන් හොයන්න ඕනේ, බලන්න ඕනේ කියලා අපට හිතෙනවා. විශේෂ සිදුවීම් වෙච්ච හැම මොහොතකම ඔය වගේ සිදුවීම් වෙනවා. ඒ නිසා වෙනෙම්ම ඒ ගැන පරික්ෂණයක් කරලා බලන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. විපක්ෂ කඳවුර රාට් මවන්න හඳනවා මේවන විට රට තුළ ආරක්ෂාවක් නෑ කියලා. ඒවා බොරු කතා යැයි” මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිඩ්නි රුවන් උඹේපාල