අධිවේගී මාර්ගවල ධාවනය බස්රවල මගීන්ට , ලබන මස 01 වන දින සිට ආසන බඳපටි පැලඳීම අනිවාර්ය කලත් මේ වන විට ආසන පටි හිගයක් රට තුල පවතින නිසා නීතිය ක්‍රියාත්මක කිරිම යම් කාලයක කල් දැමිය යුතු බව බස් හිමියන් හා පාසල් ළමුන් ප්‍රවාහන රථ හිමියන් සදහන් කරති
මෙම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එහෙත් ඉන්දියාවෙන් 2010 වසරට පෙර ගෙන් වු බස් රථවල රියදුරු ආසනයට පවා ආසන බඳපටි නොමැති බවත් රියදුරු අසුනට සවිකරණ ආසන බදපටි සොයා ගැනිමටවත් නොමැති බවත් මේ නිසා මේවැනි බදපටියක මිල රුපියල් හයදහස ඉක්මවා ගොස් තිබෙන බවද බස් හිමියන් පෙන්වා දෙති
ඉන්දියාවෙන් ගෙන්වන බස් රථවල ආසන දෙකම එකට එකාබද්ධ වි තිබෙන නිසා කාර්යාල සේවා හා වෙනත් කටයුතු සදහා අධීවේගි මාර්ග හරහා ගමන් කරන බස් රථවල ආසනවලට ආසන බඳපටි සවිකිරිමත් ගැටළුවක් වි තිබෙන බවස සදහන් කරති
පිටුපස ආසනවලට සවිකරණ ආසන බද පටියක මිල මිට මාස 06 කට පමණ පෙර රුපියල් දහසත් රුපියල් එක් දහස් දෙසියත් අතර මුදලක් වු බවත් පවතින හිගය අනුව එවැනි ආසන බඳපටියක මිල රුපියල් හාරදහසක ඉක්මවා ගොස් තිබෙන බවද පෙන්වා දෙති
ජපානයෙන් ගෙන්වන ලද පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල පසු පස ආසනවල ආසන බඳපටි සවිකර තිබුණත් අනෙකුත් බස් රථවල ආසන බඳපටි සවිකර නොමැති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප(වාහන සේවා සංගමය සදහන් කරයි
මිගමුව හා අවට ප්‍ර දේශවල සිට පැමිණෙන පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල හා වරකාපොල හා අවට ප්‍ර දේශවල සිට හා ඇල්පිටිය කළුතර අවට ප්‍ර දේශවල සිට කොලඹ පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන රථ අධිවේගි මාර්ග හරහා ගමන් ගන්නා බවද එම සංගමය පෙන්වා දෙයි
මේ නිසා පවතින හිගය හා මිල ඉහල යාම සැලකිල්ලට ගෙන අදාල නිතිය ක්‍රියාත්මක කිරිම තවත් මාස කිහිපයකට කල් දමන ලෙසට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද සදහන් කලේය