saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4466 hours ago

LATEST

ධීවරයින්ට ඉන්ධන සහනාධාරය දුන්නොත් ජනපතිට වඳිනවා

calendar_today 2022 දෙසැ 06 - 13:23 remove_red_eye - 261  

ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

පයාගල ඇලගහවත්ත මුහුදු වෙරළට පැමිණි දැවැන්ත කිඹුලෙකු ධිවර ජනතාව විසින් අල්ලා ගැට ගසා තිබේ.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

රජයේ සේවකයින් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම විශ්‍රාම ගතයුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ලබන ජනවාරි මාසයේ විදුලි බිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොවුණ හොත් ලබන වසරේදී අනිවාර්යයෙන්ම පැය 6-8ක විදුලි කප්පාදුවකට යාමට සිදුවෙනු ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

Read More

ඉතා දුර්ලභ ගනයේ පුරා විද්‍යා වටිනාකමින් යුතු කිරිගරුඬ සමාධී බුද්ධ ප්‍රතිමාවක් කන්දකැටිය ගෝඩුන්න දික්කුඹුර ප්‍රදේශයේ නිවසකදී රුපියල් ලක්ෂ 80ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයන් තිදෙනකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (06දා) ළි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

Read More

මෙවර මහ කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ බන්ඩි පොහොර (MOP – Muriate of Potash) ප්‍රමාණයම එකවර ඊයේ දිනය (05) තුළ රටට ලැබිනි. වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනට ( Mahaweli Water Security Investment Programme) අයත් මුදල් ප්‍රතිපාදන වැය කරමින් මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මිල දී ගැනීමට එම අමාත්‍යාංශය පියවර ගත්තේය.

Read More

මේ හරහා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසිරුවාහැරීමට නියමිත බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍වරයා සඳහන් කළේය.

Read More

ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

දිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.

Read More

බොරැල්ල පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

බොරතෙල් නැව දෙකකට ඩොලර් ගෙවීමට නොහැකි වීම නිසා දිනකට ඩොලර් ලක්‍ෂ 03ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, මේ වනවිට මෙම නැව් දෙක මෙරටට පැමිණ දින 04ක් ගත වී තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි‍.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.

Read More

නයිට්‍රේට් පොහොර භෘවිත කිරීම සීමා කරමින් හරිත ගොවිතැනට මාරුවීමට ගොවීන්ට බලකිරීම සමග රජය සහ ගොවීන් අතර මත ගැටුමක්.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියවර අනුශූරයින් වූ ක්‍රොයේෂියාවට ඉතා තියුණු සටනක් දී පරාජයට වීමට ආසියානු කලාපය ජපානයට සිදුවිය.

Read More

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.

Read More

වත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් ජියැන්ග් සෙමින්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම තනතුරුවලින් ඉවත්වන ලෙස විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

මෙරට සිදු වූ සීනි බදු වංචාව පිළිබඳ වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අපරාධ විමර්ශන ඒකකය දැනුම්වත් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්‍ෂි සහ තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රැඳී සිටි වෛද්‍ය කණ්ඩායම තහවුරු කිරීමෙන් පසුව චීනය ෂෙන්ෂෝ-14 මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක බව ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා නායකත්වයේ ශක්තිය සහ මුදල් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ හරහා කඩිනම් ආර්ථික ප්‍රබෝධයක් ළඟා කර ගැනීමට රජයේ ‍කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය නියෝජිතායතන බෙහෙවින් පැහැදී ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) උප සභාපති Shixen Chen මහතා පවසයි.

Read More

මහ කන්නයේ ග්‍රාමීය ගොවීන්ට නොමිලයේ ලබාදීමට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 9300ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය සඳහන් කරයි.

Read More

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව පවසයි. ඒ අනව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420කි. කෙසේ වෙතත් අනෙනකුත් ඉන්ධන වර්ගයන්හි මිල ගණන්වල වෙනසක් සිදුනොවෙයි.

Read More

ගම්පහ, මිරිස්වත්ත නගරයට නුදුරු වැරැල්ලවත්ත ප්‍රදේශයෙහි ගැවසෙන නරි රංචුවක් හේතුවෙන් බියට පත්ව සිටින බව එම ප්‍රදේශවාසීන් පවසයි.

Read More

හොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ ළිදක් අද (05) අළුයම සම්පූර්ණයෙන්ම ගිලා බැස තිබේ. මෙලෙස ගිලා බැස ඇත්තේ හොරොව්පොතාන මොරගොඩමූකලාන පදිංචි කේ.ජී.දිසානායක මහතාගේ නිවසේ ඉදිකර තිබූ ළිඳකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.