කවුරු මොන වෙට්ටු දැම්මත් ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අනිවාර්යෙන්ම අඩු කරන බව වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල කපුවත්ත ප්‍රදේශයේ ඊයේ (20දා) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා. " රටට අවශ්‍ය කරන බිත්තර වෙළද පොළට එන්නේ නෑ. ඒ නිසයි විශාල බලපෑම් මධ්‍යයේ වුවත් අපි බිත්තර ආනයනය කෙරුවේ. රාජ්‍ය සේවයේ සමහර අය ගන්න තීන්දු තීරණ ජනතාවට හිතකර විදිහට නෙමෙයි වෙන්නේ.
ඒ නිසා අපි ජනතාවට අවශ්‍ය තීන්දු තීරණ ගනිද්දී එයට බාධා එල්ල වෙන්නේ. බිත්තර ආනයනය කරන්න බෑ කිව්වා, අපි ආනයනය කෙරුවා. බිත්තර මිල බස්සනවා කිව්වා අපි ඉදිරි සති දෙක තුළ ඒක කරනවා.
දේශිය බිත්තර නිශ්පාදකයා අයිති කෘෂිකර්මය අමාත්‍යංශය ට. ඔවුන් ඒ අය සමඟ කතා කරලා ඔවුන් කොච්චර කාලයකින් මේ බිත්තර අඩුව කරනවද කියලා වෙළද අමාත්‍යවරයා දැනුවත් කරන්න ඕනේ. කිරලා විකුණලා වෙට්ටු දාලා යන්න හැදුවොත් ඒකට අපි ළඟත් පිළිතුරු තියනවා."