ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20)පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට කඩිනමින් ඉඩම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම කෙරෙහි අවධානය යොමු වූහ.
මේ අතර පලාත් පාලන ආයතනවලට අයත් වෙලදසැල් සහ අනෙකුත් ස්ථාන බදු දීමේදී රජයට අයවිය යුතු මුදල් කිසිදු අවහිරයකින් තොරව ලබාගැනීමට අවශ්‍ය නීති බලාත්මක කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරිය විසින් ගෙන ආ යෝජනාවකටද කමිටු අනුමැතිය හිමිවිය.
මේ අතර ත්‍රිකුණාමලය විල්ගම ප්‍රදේශයේ කජු වගා කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවේ නිසි අවසරයකින් තොරව බදු දී ඇති අක්කර 30ක ඉඩම යලි රජයට පවරා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු වූහ.
මේ අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක,දිස්ත්‍රික් ලේකම් බී.එච්.එම්.ජයවික්‍රම මහතා ඇතුළු දිස්ත්‍රික් ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.