බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 47665 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙලෙන බවත් සමස්ථ පවුල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එය 17 % ක් බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද 20) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයීය ශ්‍රවනාගාරයේදී පැවැති විශේෂ දිස්ත්‍රික් සමබ්න්ධීකරන කමිටු රැස්වීමේදී අනාවරණය කළාය.
සමීක්ෂන වාර්තාවන්ට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5 ට අඩු ළමුන් සංඛ්‍යාව 10873 ක් බවත් එය සමස්ථයක් ලෙස ගත් කළ 19 % ක් බවත් සඳහන්කළාය.
VMIඅගය 18 ට අඩු සති 12 සම්පූර්ණ කළ ගර්භනී මව්වරු 1226 දෙනෙක් දිස්ත්‍රික්කය තුළ සිටින බවද හෙළි කළාය.
බදුල්ල පාලිත් ආරියවංශ